සංක්‍රමණිකයින් දහස් ගණනක් මධ්‍යම ඇමරිකාවේ සහ දකුණු මෙක්සිකෝවෙන් පිටත්ව අමෙරිකානු දෙශසීමා ආසන්නයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ ලබන ජනවාරි මාසයේදී ජනාධිපති ධූරයට පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප් රාජකාරී ආරම්භ කිරීමට පෙරයි.
නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් තම මැතිවරණ වේදිකාවලදී පොරොන්දු වූයේ අමෙරිකාවේ සිටින අනවර සංක්‍රමණිකයන් සියළුදෙනාවම තමා බලයට පත්වූ වහාම පිටුවහල් කරන බවටයි.
මේ නිසා ජනවාරි 20වනදාට පෙර සංක්‍රමණිකයන් මෙක්සිකෝව හරහා එක්සත් ජනපද දේශසීමා වෙත ළඟා වීමට විශාල කණ්ඩායම් වශයෙන් පැමිණෙමින් සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.