ආදානි සමාගම සමග එළඹී තිබූ ප්‍රධාන පෙළේ ගණුදෙනු කිහිපයක් අවලංගු කිරීමට කෙන්යා ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අදානි සමාගම සමග එළඹී තිබූ ප්‍රධාන ගිවිසුම් දෙකක් මෙලෙස අවලංගු කිරීමටයි කෙන්යා ජනාධිපති විලියම් රූටෝ තීරණය කර ඇත්තේ.
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට ඊයේ දිනයේදී ඇමෙරිකාව වංචා චෝදනා එල්ල කිරීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.
තමන් රහස් ඔත්තු සේවයන් හා පාර්ශ්ව කරුවන් ලබා දුන් තොරතුරු මත අදානි සමාගම සමග එළඹි ගිවිසුම්වලින් ඉවත්වීමට තීරණය කළ බවද කෙන්යා ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ගෞතම් අදානි එක්සත් ජනපදයේ මුදල් රැස්කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් ක්‍රමයක් සැලසුම් කර එය සැඟවූ බවටයි ඇමෙරිකාව චෝදනා එල්ල කළේ.
ව්‍යාපාර 20ක් පුරා ඩොලර් බිලියන දෙකකට වැඩි ලාභයක් ලබා ගැනීමට අපේක්ෂා කරන ඔහුගේ පුනර්ජනනීය බලශක්ති සමාගම සඳහා කොන්ත්‍රාත් ලබා ගැනීම පිණිස අදාළ අල්ලස් ලබාදීමේ වරද සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.