Latest News

ඔලිම්පික් ශූර ඇලිස්ටෙයාර් බ්‍රවුන්ලී විශ්‍රාම යයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔලිම්පික් ශූර බ්‍රිතාන්‍යයේ ඇලිස්ටෙයාර් බ්‍රවුන්ලී (Alistair Brownlee) ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

වයස අවුරුදු 36 ක් වන ඔහු තුන් ඉසව් (පිහිනීම, බයිසිකල් පැදීම සහ දුර දිවීම – triathlon champion) ශූරයෙක් වනවා.

2009 සහ 2011 වසරවල ලෝක ශූරයකු වූ බ්‍රවුන්ලී, කනිෂ්ඨ ලෝක ශූරයා, U23 ලෝක ශූරයා, යුරෝපීය ශූරයා සහ ඔලිම්පික් ශූරයා ලෙස කිරුළු පැළඳූ එකම ට්‍රයැත්ලෝන් ක්‍රීඩකයා වන්නේද ඔහුයි.

සිය විශ්‍රාම යාම පිළිබඳව සඳහන් කරමින් බ්‍රවුන්ලී ප්‍රකාශ කර තිබුණේ, තමාට අවශ්‍ය වන්නේ සෞඛ්‍ය සම්පන්නව විශ්‍රාම ගැනීමට මිස අසනීපයක් හෝ වෙනයම් හේතුවක් මත විශ්‍රාම යාමට නොවන බවයි.

සිය වෘත්තීය ජීවිතය පුරාවට ලෝක ශූරතාවලියේ රන් 22 ක් දිනා ඇති ඇලිස්ටෙයාර් බ්‍රවුන්ලී, විශිෂ්ටතම මලල ක්‍රීඩයෙක් ලෙස ඉතිහාසයේ නම රැන්ඳූ ක්‍රීඩකයෙකු වනවා.

World News

Send your contact Details Today