Latest News

සයනයිඩ් දමා මිතුරන් 14 දෙනෙකු ඝාතනය කළ කාන්තාවකට මරණ දඬුවම්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සයනයිඩ් දමා මිතුරන් 14 දෙනෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ තායිලන්තයේ කාන්තාවකට මරණ දඬුවම නියම කර තිබෙනවා.

36 හැවිරිදි Sararat Rangsiwuthaporn නම් ඇය පසුගිය වසරේ සංචාරයක යෙදී සිටියදී තම ධනවත් මිතුරියකගේ කෑම බීමවලට වස දැමීම සම්බන්ධයෙන් වරදකරු කරමින් බැංකොක් අධිකරණය මෙම තීන්දුව ලබා දී ඇති බව සඳහන්.

එම මිතුරිය ස්වභාවික හේතූන් මත මිය ගිය බව පිළිගැනීම, ඇයගේ ඥාතීන් ප්‍රතික්ෂේප කර ඇති අතර මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඇගේ සිරුරේ සයනයිඩ් අංශු ඇති බවයි.

ඉන් අනතුරුව පොලීසිය සැකකාර කාන්තාවව අත්අඩංගුවට ගෙන ඇති අතර 2015 දක්වා දිවෙන තවත් එවැනිම ආකාරයේ මරණ අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

නමුත් ඇය ඉලක්ක කළ බව කියන එක් පුද්ගලයෙක් දිවි ගලවා ගත් බවත් සඳහන්.

සූදුවට ඇබ්බැහි වී සිටින මෙම කාන්තාව ණය වී ඇති තම මිතුරියන්ව මෙලෙස තනිකර ඝාතනය කර ඔවුන්ගේ ස්වර්ණාභරණ සහ වටිනා භාණ්ඩ සොරකම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

World News