Latest News

✅ 𝗙𝗔𝗖𝗧 𝗖𝗛𝗘𝗖𝗞𝗘𝗗: එලොන් මස්ක් විසින් Mc Donald’s සහ CNN මිලදී ගන්න යනවද? – ඇත්ත නැත්ත මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන එලොන් මස්ක් නැවතත් අන්තර්ජාල කතාබහේ කේන්ද්‍රයට පැමිණ සිටින්නේ, මෙවර ඔහු මැක්ඩොනල්ඩ්ස් සහ CNN මිලදී ගැනීමට සූදානම් බවට කියැවෙන ප්‍රවෘත්ති සමඟයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි සහායකයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසු, මස්ක් ක්ෂණික ආහාර සහ සම්ප්‍රදායික මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට සැලසුම් කරන බව සමාජ මාධ්‍ය පළකිරීම් මගින් වාර්තා කරනවා.

නමුත් මේවා යථාර්ථයද, නැතහොත් තවත් එක් අන්තර්ජාල නොමග යැවීමක්ද? යන්න ඇමරිකානු සත්‍යාපන (Fact Check) වෙබ් අඩවි විමර්ශන වලදී සියල්ල අසත්‍ය බව තහවුරු කර තිබෙනවා.

ඔක්තෝබර් අග භාගයේ බහුලව බෙදාහරින ලද සමාජ මාධ්‍ය වීඩියෝවක මස්ක් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ “මම මැක්ඩොනල්ඩ්ස් මිලදී ගන්නවා” ලෙසයි.

2024 එක්සත් ජනපද ජනාධිපති ප්‍රචාරණ වැඩසටහන තුළ මැක්ඩොනල්ඩ්ස් පිළිබඳ සාකච්ඡා නැවත මතුවීමෙන් පසු මෙම පළකිරීම වැඩි අවධානයක් දිනාගත්තා.

ට්‍රම්ප් තම ප්‍රචාරක ව්‍යාපාරය මැක්ඩොනල්ඩ්ස් ශාඛාවකින් දියත් කළ බවත්, උප ජනාධිපති කමලා හැරිස් තම තරුණ කාලයේ එහි සේවය කළ බවත් ප්‍රකාශ කිරීමෙන් තවදුරටත් මාධ්‍ය උනන්දුව ඇවිස්සුණා.

මස්ක් මෙම ක්ෂණික ආහාර සමාගම අත්පත් කර ගන්නා බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර මස්ක් හෝ මැක්ඩොනල්ඩ්ස් කිසිදු නිල ප්‍රකාශයක් කර නැහැ.

එමෙන්ම Facebook තොරතුරු පරීක්ෂණ කන්ඩායම මෙයට අදාළ වාර්තා හා වීඩියෝ අසත්‍ය වාර්තාකරණයක් ලෙස නම් කර තිබෙනවා.

ව්‍යාජ පුවත් සමඟ සටන් කිරීමේ Meta හි දිගටම පවතින උත්සාහයේ කොටසක් ලෙස සලකුණු කර ඇති මෙම වීඩියෝවට කිසිදු විශ්වසනීය සාක්ෂියක් නැහැ.

ඇත්ත වශයෙන්ම, මස්ක්-මැක්ඩොනල්ඩ්ස් ගැන කර තිබෙන එකම ප්‍රකාශය වූයේ මැක්ඩොනල්ඩ්ස් විසින් Dogecoin ගෙවීම් පිළිගන්නේ නම් රූපවාහිනියේ හැප්පි මීල් එකක් කන බවට 2022 දී ඔහු විහිළුවට කළ Tweet පණිවුඩයක් පමණයි.

තවත් රැල්ලට ගිය පළකිරීමක් මගින් කියා සිටියේ “මාධ්‍ය නිවැරදි කිරීම” සඳහා මස්ක් CNN ඩොලර් බිලියන 3කට මිලදී ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත්, ඩෙමොක්රටික් පක්ෂපාතී මාධ්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමට සැලසුම් කරන බවයි.

ට්‍රම්ප්ගේ නැවත තේරී පත්වීමේ ජයග්‍රහණයෙන් පසු, මස්ක් ඔහුගේ විශාලතම පරිත්‍යාගශීලීන්ගෙන් සහ හඬ නගන සහායකයින්ගෙන් කෙනෙකු ලෙස මතුවීමත් සමඟ මෙම කටකතා වේගයෙන් පැතිර ගියා.

යථාර්ථය පරීක්ෂා කිරීමේදී මෙම කියමනද එලෙසම පදනම් විරහිත බව ඔප්පුවී තිබෙන අතර කතකතාව ආරම්භ වූයේ Gridiron Glory නම් විහිළු සටහන් ගිණුමකින් වන බවයි ඇමරිකානු සත්‍යාපන සේවා සඳහන් කරන්නේ.

එහි පළකිරීම් උපහාස විහිළු ලෙස පැහැදිලිව සටහන් කර ඇති නමුත් සමාජ මාධය වෙත තල්ලුවූයේ ඇත්ත ඒවා ලෙසින්.

මස්ක් සහ CNN අතර කිසිදු අත්පත් කර ගැනීමේ සාකච්ඡාවක සාක්ෂි නොමැති අතර, මස්ක් හෝ CNN මෙවැනි කටකතා පිළිබඳව අදහස් දක්වා ද නැහැ.

මෙම අනුමාන උන්මාදය මධ්‍යයේ සත්‍ය වන්නේ ට්‍රම්ප්ගේ නව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවට (DOGE) මස්ක් පත් කිරීමයි.

මස්ක් සහ ජෛව තාක්ෂණ ව්‍යවසායක විවේක් රාමස්වාමි එහි නායකයින් ලෙස නම් කරමින්, රජයේ නාස්තිය සහ නිලධාරිවාදය අඩු කිරීම කෙරෙහි දෙපාර්තමේන්තුව අවධානය යොමු කරනු ඇති බව ට්‍රම්ප් ප්‍රකාශ කළා.

“මේ අපූරු ඇමරිකානුවන් දෙදෙනා මගේ පරිපාලනයට රජයේ නිලධාරිවාදය බිඳ හෙලීමට, අතිරේක රෙගුලාසි කප්පාදු කිරීමට, නාස්තිකාර වියදම් අඩු කිරීමට සහ ෆෙඩරල් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට මග පාදනු ඇත,” යනුවෙන් නිවේදනය කරන අවස්ථාවේදී ට්‍රම්ප් පැවසුවේ.

මෙම පත්වීමට ප්‍රතිචාර දක්වමින් මස්ක් විහිළුවට කියා සිටියේ, “ඔබ මෙන්ම නොව, අප දෙදෙනාටම ගෙවන්නේ නැති නිසා එය ඇත්තෙන්ම ඉතා කාර්යක්ෂමයි. “ලෙසයි.

World News

Send your contact Details Today