Latest News

ආසියානු කුසලාන යොවුන් කාන්තා ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලබන මස 15 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වෙනවා.

කණ්ඩායම් 6ක් එක්වන තරගාවලිය විස්සයි20 ආකෘතිය යටතේ සංවිධාන කරන අතර, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාලය මූලික වටයේදී ‘A’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙනවා.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මැලේසියාව තරග වදින්නේ ‘B’ කාණ්ඩයෙන්.

දෙසැම්බර් 15 වැනිදා සත්කාරක මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර, 16 වැනිදා ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමට නියමිතය.

මූලික වටය අවසානයේ ඒ, ඒ කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 2 බැගින් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන අතර, එහිදී එක් කණ්ඩායමකට මූලික වටයේ ප්‍රතිවාදී කාණ්ඩයෙන් සුපිරි වටයට එක්වූ සෙසු කණ්ඩායම් දෙක සමඟින් තරග වැදීමට සිදුවනවා.

තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව තරග කාලසටහන පහත පරිදි වනවා…

දෙසැ. 15 දා: ශ්‍රී ලංකාව – මැලේසියාව, ඉන්දියාව – පාකිස්තානය

දෙසැ. 16 දා: ශ්‍රී ලංකාව – බංග්ලාදේශය, පාකිස්තානය – නේපාලය

දෙසැ. 17 දා: බංග්ලාදේශය – මැලේසියාව, ඉන්දියාව – නේපාලය

දෙසැ. 18 දා: 5 වැනි ස්ථානය සඳහා තරගය

දෙසැ. 19 දා: සුපිරි හතර වටයේ තරග (A1-B1) සහ (A2-B2)

දෙසැ. 20 දා: සුපිරි හතර වටයේ තරග (A1-B2) සහ (A2-BA)

දෙසැ. 22 දා: අවසන් මහ තරගය

World News

Send your contact Details Today