Latest News

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු නැවතත් ඉහළට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර දෙවන තැනට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුවයි.

ඒ, අනුව වනිඳු ස්ථානය හතරක් ඉදිරියට පැමිණ මෙලෙස දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

නවසීලන්තය සමඟ නිමා වූ තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා මත විස්සයි විස්ස පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණීමට මෙලෙස හැකියාව ලැබී තිබෙනවා.

වනිඳු එම තරගාවලියේ දී කඩුලු 06ක් බිඳ දැමුවා.

මේ අතර නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ් පසුවනවා.

එමෙන්ම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ පසු වූ මහීෂ් තීක්ෂණ එක් ස්ථානයක් පහළට ගොස් මේ වනවිට සිව්වන ස්ථානයේ රැඳී සිටිනවා.

World News

Send your contact Details Today