Latest News

SL vs NZ (ODI) – පළමු එක්දින තරගය අද

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද (13) පැවැත්වීමට නියමිතයි.

ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ඒ අනුව අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ට (යුරෝපා වේලාවෙන් පෙරවරු 10:00ට) ආරම්භ වීමට නියමිතයි.

පසුගියදා නවසීලන්තය සමඟ පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී වනිදු හසරංග ආබාධයට ලක්වුණා.

අබාධයට ලක්ව සිටින වනිදු හසරංග මෙම තරගාවලියෙන් ඉවත්කර තිබෙන අතර, ඔහු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා තිබෙනවා.

දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්වයෙන් අවසන් වූ අතර වනිදු හසරංග තරගාවලියේ වීරයා සම්මානය හිමිකරගත්තා.

World News

Send your contact Details Today