නවසීලන්ත කණ්ඩායමේ වේගපන්දු යවන ක්රීඩක ලොකී ෆර්ගියුසන්ට ශ්රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ඒ අනුව ෆර්ගියුසන් වෙනුවට ඇඩම් මිල්නේ නවසීලන්ත සංචිතයට කැඳවා තිබෙනවා.
ශ්රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලිය හෙට (13) සිට ආරම්භවීමට නියමිතයි.
එහි පළමු තරගය දඹුල්ලේ දී පැවැත්වෙනවා.
ෆර්ගියුසන් ශ්රී ලංකාවට එරෙහිව පැවති දෙවන 20යි 20 තරගයේදී හැට්ට්රික් එකක් ලබා ගත්තා.
එම තරගයේ සිය දෙවැනි පන්දු ඕවරය යවන අතරතුර පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු පිටියෙන් ඉවත්ව ගියා.