Latest News

SL vs NZ | T20 (Match 01) : කිවියන් සමඟ සිංහයන්ගේ පළමු සටන අදයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචා­රක නව­සී­ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග දෙක­කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය අද (09) රංගිරි දඹුලු ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

එහි පළමු තර­ගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 7:00ට (යුරෝපා වේලාවෙන් සවස 2:30ට) ආරම්භ වීමට නිය­මිත අතර, දෙවැනි තර­ගය හෙට (10) රාත්‍රියේ දඹු­ල්ලේ­දීම පැවැත්වෙනවා.

මේ වස­රේදී මෙරට පැවැ­ත්වෙන අව­සන් විස්සයි20 ජාත්‍ය­න්තර තර­ගා­ව­ලිය මෙය බැවින් සියලු දෙනා මේ කෙරෙහි විශාල උන­න්දු­ව­කින් පසු වනවා.

ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින නායක චරිත් අස­ලංක ඊයේ රංගිරි දඹුලු ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවැති මාධ්‍ය හමු­ව­කදී පැවැ­සූවේ ICC එක්දින ශ්‍රේණි­ගත කිරීමේ මුල් කණ්ඩා­යම් 3 අත­රට පැමි­ණීම තම කණ්ඩා­යමේ අපේ­ක්ෂාව බවයි.

ඒ සඳහා එක දිගට තරග ජය­ග්‍ර­හණ වැද­ගත් බැවින් මෙම තර­ගා­ව­ලියේ ජය­ග්‍ර­හ­ණය අපේ­ක්ෂා­වෙන් පසු­වන බව ද ඔහු සඳහන් කළා.

නව­සී­ලන්ත විස්සයි20 නාය­කයා ලෙස මෙම සංචා­ර­යට එක්ව සිටින මිචෙල් සැන්ට්නර් පව­සන්නේ සාර්ථක ඉන්දීය සංචා­ර­ය­කින් පසු ශ්‍රී ලංකා­වට පැමිණ දස්කම් අත­රට පැමි­ණීම අපේ­ක්ෂාව බවයි.

එහෙත් ශ්‍රී ලංකා දඟ පන්දු පිළි­බඳ විශේෂ අව­ධා­න­ය­කින් ක්‍රීඩා කිරීම වැද­ගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.

නව­සී­ලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර ද්විපා­ර්ශ්වික විස්සයි20 තර­ගා­වලි 9ක් පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාව ඔවුන් සමඟ වසර11කින් තර­ගා­ව­ලි­යක් ජය ගෙන නැහැ.

මේ හේතුවෙන් මෙවර තර­ගා­ව­ලිය ජය ගැනීම එකම අපේ­ක්ෂාව වී තිබෙනවා.

කණ්ඩා­යම් දෙක විස්සයි20 තරග 23කට මුහු­ණදී එයින් තරග 13ක් නව­සී­න්තය ජය­ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව තරග 7ක ජය තහ­වුරු කර ගත්තා.

තර­ග­යක් විසඳුම­කින් ‍තොරව අව­ස­න්වෙද්දී තරග 2ක් ලකුණු සමවී ජය තීර­ණය වුණා.

දෙපිල අව­සන් වරට මුණ­ගැ­සුණේ පසු­ගිය වසරේ වන අතර එහිදී නව­සී­ල­න්තය තරග 2-1කින් තර­ගා­ව­ලිය ජය ගත්තා.

World News