ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලබන ‘ලංකා T10 සුපර් ලීග්’ තරගාවලියේ සියලුම තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
දෙස් විදෙස් ක්‍රිකට් තරු රැසක් ක්‍රීඩා කිරීමට එක්වන මෙය දෙසැම්බර් 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
මෙම තරගාවලියේදී සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 17 දෙනෙකු සිටිය යුතු අතර, සෑම සංචිතයකම අවම වශයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු සිටිය යුතු වනවා.
මෙම තරගාවලියට කණ්ඩායම් 6ක් තරග වැදීමට නියමිත අතර එම කණ්ඩායම් වන්නේ කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් යන කණ්ඩායම් වනවා.
මෙම T10 සුපර් ලීග් තරගාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ සෑම සංචිතයකම ජාත්‍යන්තර ක්‍රීඩකයින් හත් දෙනෙකු සිටිය යුතු වීමයි.