Latest News

2025 IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 24 සහ 25 යන දෙදින තුළදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ සවුදි අරාබියේ ජෙඩා නගරයේදීයි.

IPL ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන අවස්ථාව මෙයයි.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන්නේ ඉන්දියා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ තුන්වන සහ සිව්වන දිනවලදී වීම තවත් විශේෂත්වයක්.

ඒ අනුව මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයන් 1,574ක් ලියාපදිංචි වී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කරන්නේ

ඉන් 1,165 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයන් වන අතර ක්‍රීඩකයන් 409 දෙනෙකු විදෙස් ක්‍රීඩකයන් වන බව වාර්තා වනවා.

මෙවර වෙන්දේසියට ලියාපදිංචි වී ඇති වැඩිම ක්‍රීඩකයන් ගණනක් ලියාපදිංචි වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්.

මේ අතරින් කණ්ඩායම් 10ක් විසින් ක්‍රීඩකයන් 204 දෙනෙකු 2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තෝරා ගනු ලබනවා.

ඉන් විදෙස් ක්‍රීඩකයන් 70 දෙනෙකු කණ්ඩායම් තුළට ඇතුළත් කරගැනීමට නියමිතයි.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 25 දෙනෙකු තෝරා ගත හැකියි.

මෙවෙර පංජාබ් කිංග්ස් කණ්ඩායම වැඩිම මුදලක් සමඟින් ක්‍රීඩක වෙන්දේසියට එක්වන අතර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අඩුම මුදල රඳවාගනිමින් වෙන්දේසියට එක්වෙනු ඇති.

World News

Send your contact Details Today