ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින් ඉවත් කර තිබෙනවා.
ලංකාවට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා ඇතුළු නියෝජිත පිරිස සමග කළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කළ බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.
ඒ අනුව අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීන වෙළෙදපොළට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ අන්නාසි වගා කරුවන්ට මෙන්ම කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉඩ ලැබී තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.