Latest News

දික්වැල්ල, සිය තෙවසරක තරග තහනම අඩුකර ගැනීමට සැරසෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නිරෝෂන් දික්වැල්ල සිය තෙවසරක තරග තහනම අඩුකර ගැනීමේ අරමුණින් නොවැම්බර් 11 වැනිදා තහනම් උත්තේජක විරෝධී අභියාචනා කමිටුවට ලිඛිත දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වනවා.

දික්වැල්ලගේ නඩුව විභාග කිරීමට අභියාචනා කමිටුව තීරණය කිරීමෙන් පසු දික්වැල්ල බදාදා අභියාචනා කමිටුව හමුවේ පෙනී සිටි අතර ඔහු එහිදී සමාව ඉල්ලා සිටියා.

31 හැවිරිදි දික්වැල්ල, ලංකා ප්‍රිමියර් ලීග් 2024 අතරතුර තහනම් මත්ද්‍රව්‍යයක් වන කොකේන් භාවිත කළ බව පරීක්‍ෂණයක් මගින් තහවුරු වුණා.

ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් ජූලි 14 වැනි දින පවත්වන ලද එම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස කඩිනම් විනය ක්‍රියාමාර්ග ගනු ලැබුවා.

ඒ අනුව ත්‍රිපුද්ගල තහනම් උත්තේජක විරෝධී විනය මණ්ඩලයක් විසින් දුන් තීරණයෙන් පසුව, 2024 අගෝස්තු 13 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුට තහනම පනවනු ලැබුවා.

දික්වැල්ල ඒ සම්බන්ධයෙන් B-නියැදි පරීක්ෂණයක් ඉල්ලා නොසිටීමට තීරණය කිරීම ද විවේචනයට ලක්වුණා.

ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (WADA) නීතිරීති යටතේ තරඟයෙන් පිටත කොකේන් භාවිතය වරදක් ලෙස නොසැළකුණද, නිරෝෂන් දික්වැල්ල කොකේන් භාවිත කර ඇති බව හෙළිවී තිබුණේ තරග පැවැත්වෙන කාලසීමාවක වීම හේතුවෙන් ඔහුට බලපෑම් දැඩි වුණා.

ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා, මහාචාර්ය රෝහිණී ප්‍රනාන්දුපුල්ලේ සහ ආචාර්ය නිමල් හේරත් ගුණරත්න යන පිරිසගෙන් සැදුම්ලත් විනය මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට (SLC) සහ අනෙකුත් අදාළ බලධාරීන්ට නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව සිය අවසන් නිගමනයට එළැඹ තිබුණා.

දික්වැල්ලගේ සිද්ධිය ක්‍රීඩාවේ කීර්ති නාමයට අඳුරු සෙවණැල්ලක් එක් කළේ, තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත් වීමෙන් පසු වසර තුනක ක්‍රීඩාවෙන් වසර තුනක තහනමකට ලක් වූ පළමු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

කොකේන් භාවිත කළ බව තහවුරු වීමෙන් පසුව දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කරන ලද අතර ඔහුගේ ක්‍රිකට් දිවිය දැන් අවිනිශ්චිත වී තිබෙනවා.

World News