අප එදිනෙදා ජීවිතයේදී විවිධ කෑම වර්ග ආහාරයට ගනු ලබනවා. ඒ අතරින් පෝෂ්‍යදායී ආහාර වේලක අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු ප්‍රෝටීන් බහුලවම අපට ලැබෙන්නේ මස් මාංස හරහායි. එහෙත් ඔබ වෙළඳපොළෙන් ලබාගන්නා විවිධ මස් මාංස ඔබගේ ආහාර වේල සඳහා සුදුසු මට්ටමින් තිබෙනවාදැයි ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු වනවා.
වර්තමානයේ වෙළෙඳපොළේ සහ පාරිභෝගිකයන් අතර ජනප්‍රියතාවට පත්ව තිබෙන්නෙ නැවුම්ව වෙළඳපොළෙන් ගතහැකි මස් මාංසයි.
නැවුම් මස් මාංස පරිභෝජනයට සුදුසු මෙන්ම එය ප්‍රණීත ලෙස සකස් කර ගැනීමට හැකිවීම, මෙම මාංසවල පෝෂණ සංඝටකවලට හානි සිදු නොවීම, කාලය ඉකුත් නොවීම ආදී කාරණා නිසා මෙකී නැවුම් මාංස ආහාරයට ගැනීම සුදුසු වනවා.
නැවුම් මස් මාංස ඇත්තටම ඔබට ලැබෙනවාද?
ඔබ දැක තිබෙන සහ ඔබ මස් මාංස මිලදී ගන්නා බොහෝ වෙළෙඳසැල්වල නැවුම් මස් මිලදී ගැනීමට නැහැ. ඒ වගේම ලංකාවේ කුකුළු මස් ඇතුළු අනෙකුත් මස් මාංස සම්බන්ධව විශේෂ නීතියක් ද නැහැ.
යම් මස් වර්ගයක් පැය කිහිපයක් ගතවීමෙන් අනතුරුව අධිශීතකරණයේ (-18 -15) අඩු ශීත තත්ත්වය යටතේ තිබිය යුතුයි. නමුත් පැය කිහිපයක කාලයක් ශීතකරණ තත්ත්වය යටතේ නොතබා පැය කිහිපයකට පසුව නැවත නැවුම් ලෙස පැය කිහිපයක් පමණ ශීතකරණයෙන් ඉවත් කොට ස්වාභාවික පරිසරය යටතේ තබාගත හැකියි. ඉන් පසු සෑම අවස්ථාවකදීම අධි ශීතකරණ (-18 -15) අඩු තත්ත්වය යටතේ තබාගැනීමෙන් දින කිහිපයක් අධිශිතකරණයේ මස් මාංස තබාගැනීමට හැකියාව තිබෙනවා..
එම නිසා ඔබ වෙළෙඳසැලට විශ්වාසයෙන් යුතුව නැවුම් මස් මාංස ලබා ගැනීමට යන විට නැවුම් කුකුළු මස් ලබාගැනීම ඉතාමත් අපහසු කාර්යයක්. මීට හේතු ලෙස,
- දුර ප්‍රදේශවලින් මරණයට ලක් කරන ලද මාංස නැවුම් මාංස සපයන ස්ථානවලට රැගෙන ඒම
- මෙම ස්ථානවලට ප්‍රවාහනය කිරීමේදී ශීතකරණ තත්ත්ව යටතේ රැගෙන එම සිදු කරනු ලැබීම
- මෙම මාංස පිළිබඳව සඳහනක් නොමැති ලෙස රැගෙන එම
පෙන්වා දිය හැකියි.
එබැවින් මෙම ආහාර නැවත ස්වාභාවික පරිසර තත්ත්වය යටතේ තබාගත නොහැක. එහෙත් අපට මේ මාංසවල නැවුම්බව හඳුනා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වනවා.
කූට වෙළෙන්දන් රෝගී තත්ත්ව නිසා මිය ගිය කුකුළන් මෙම නැවුම් මාංස සපයන ස්ථාන වලට රැගෙන එ්ම ද සිදු කරනු ලබනවා.
නැවුම් මාංස ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට ප්‍රවාහන කිරීමේදී එය ප්ලාස්ටික් භාජනවල හෝ යම් කිසි උපකරණවල ගබඩා කොට ප්‍රවාහනය කරනවා. මෙම අවස්ථාවලදී ද මෙම ආහාර සම්බන්ධව නීති කඩ කිරීමක් සිදු වන අතර මේ සම්බන්ධව 1980 අංක 26 දරන ආහාර පනතේ සහ මාංස සම්බන්ධව ප්‍රතිපාදන ඇති ගෝඝාතක ආඥා පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිසි ප්‍රතිපාදන නැහැ.
වෙළෙඳසැලේ පවතින මෙම නැවුම් කුකුළු මස් ලෙස ඇති මාංස කාලයක් තිස්සේ ශීතකරණවල දමමින් නැවත නැවත ප්‍රදර්ශනය කරමින් දූෂණයට ලක් වූ ආහාර විය හැකියී. ඒ වගේම ඇතැම් මාංස නරක් නොවීම සඳහා ප්‍රතිජීවක ඖෂධ මෙන්ම කෘමිනාශක යොදන අවස්ථාද තිබෙන අතර එය බරපතළ ගැටලුවක්.
මේවා තිබෙනවා දැයි බලන්න
* ආහාරයේ නම
* නිෂ්පාදනය කරන ලද දිනය
* නිෂ්පාදන ආයතනයේ නම
* ලිපිනය
* ගබඩා කළ යුතු උෂ්ණත්වය
ඔබ මිලදී ගන්නා ආහාරයේ ඉහත සඳහන් දෑ පැහැදිලිව සඳහන් කොට ඇත්නම් එම ආහාර බහුතරයක් ආහාරය සඳහා සුදුසු තත්ත්වයක පවතිනවා. ඔබ නැවුම් මස් ලෙස රැවටී ලබාගන්නා මාංස පිළිබඳව ඔබට වගකීම සහිත නිෂ්පාදන ආයතනයක්, සමාගමක්, නිෂ්පාදකයාගේ නම, ලිපිනය, නිෂ්පාදිත දිනය, කාලය ඉකුත්වීමේ දිනය හෝ මෙම මාංස ගබඩා කළ යුතු ආකාරය පිළිබඳව සඳහනක් නොමැති බැවින් ඔබ ගන්නා මෙම නැවුම්ම ස්වල සඳහන් නම් පමණක් එය මිලදී ගැනීමට කටයුතු කරන්න.
නැවුම් මාංස ගැනීමට අවශ්‍ය නම්
* මස් ශීත කැබිනෙට්ටුවක් තුළ තිබිය යුතුය.
* එම කැබිනෙට්ටුව ක්‍රියාත්මක විය යුතුයි සහ ආවරණය කර තැබිය යුතුය.
* එම කැබ්නෙට්ටුව තුළ පාරිභෝගිකයාට උෂ්ණත්වය දැක ගැනීමට හැකි පරිදි සකස් කළ යුතුය.
* මීට අමතරව මාංසවල පැහැය, ආවේණික සුවඳ සහ ඇඟිල්ලෙන් පීඩනය යෙදු විට නැවත යථා තත්ත්වයට පත්විය යුතුය.
මෙවැනි කාරණා සම්බන්ධව ඔබගේ වැඩි අවධානය යොදවා මාංස ලබාගැනීමේදී කටයුතු කරන්න.
වෙළෙඳසැල්වල කූට ව්‍යාපාරිකයන් සහ වෙළෙන්දන් පාරිභෝගිකයා රවටමින් නොමග යවමින් නරක් වූ ආහාර සඳහා නුසුදුසු මාංස නැවුම් මාංස ලෙස අලෙවි කරන බැවින් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න.