වවුනියාවේ පූන්තෝට්ටම් ප්රදේශයේ පිහිටි රජයේ නිවාස සංකීර්ණයේ එක් නිවසකට ඊයේ (02) රාත්රී අඩි අටක් පමණ දිග දැවැන්ත කිඹුලෙකු ඇතුළු වී තිබෙනවා.
නිවැසියන් බිය වී කෑ කෝ ගසද්දී අවට පදිංචිකරුවන් පැමිණ බලන විට කිඹුලා ඇඳක් යට සිටින බවයි දැක ඇත්තේ.
වහාම මේ පිළිබදව වවුනියාව පොලීසිය දැණුම්වත් කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ කිඹුලා අල්ලාගෙන වාහනයකට පටවාගෙන ගොස් එම ප්රදේශයේ ජලාශයකට රාත්රියේම මුදා හැර තිබෙනවා.
මේ දිනවල වවුනියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා වැවකින් ඉහළ දෙසට ගමන් කොට අතරමං වූ විශාල කිඹුලෙකු අවසානයේදී ආරක්ෂාව පිණිස මේ නිවසට රිංගා ගන්නට ඇති බවයි පොලීසිය විශ්වාස කරන්නේ.