විශ්ව බලයෙන් රෝග සුව කරන බව පවසමින් පුද්ගලයන් මුලාවට පත් කොට මත් කුඩු ජාවාරම් කිරීම පිණිස මුදල් සොයා ගැනීමේ යෙදී සිටි බව කියන පුද්ගලයෙකු , මත් කුඩු මිලි ග්රෑම් 5,300 ක් සමග අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ පොලිස් අපරාධ විමර්ශන අංශය සඳහන් කරනවා.
සැකකරු ගම්පහ , ඉදිගොල්ල ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියකු වන බවත් මොහුගේ බිරිද හැරදා ගොස් ඇති අතර විශ්ව බලයෙන් රෝග සුව කරන බව පවසමින් තෙල් සාත්තු කොට පුද්ගලයන් මුලාවට පත් කිරීමට ලක් කොට මත් කුඩු ජාවාරමේ යෙදීම පිණිස මෙලෙස මුදල් සොයා ගැනීමේ යෙදී සිට ඇති බවයි පොලීසිය පැවසුවේ.