ශ්‍රී ලංකාවේ නාගරික ජනතාවගෙන් 23% ක් දියවැඩියාවට ගොදුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
එමෙන්ම 30 % ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් පෙළෙන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවේ.
මේ වනවිට මෙරට දියවැඩියා රෝගී ප්‍රතිශතය 14% දක්වා ඉහළ ගොස් තිබෙන බව ද ඇය ප්‍රකාශ කළා.
දියවැඩියාව හේතුවෙන් මෙරට තුළ සෑම පැයකට වරක්ම එක් අයෙකුගේ පාදයක් අහිමිවන බව ද වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළා.