Latest News

ලංකා T10 සුපර් ලීග් කණ්ඩායම්වල නම් ප්‍රකාශයට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් අද (1) පස්වරුවේ ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව සම්රම්භක තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් ලෙස නම්කර තිබෙනවා.

මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (ක්‍රීඩකයින් තෝරා ගැනීම) එැඹෙන නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිතයි.

දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

World News

Send your contact Details Today