Latest News

දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය යළි විවෘත කරයි (PHOTOS)

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දශක තුනකට පසු පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය යළි විවෘත කිරීමට අද (01) කටයුතු කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදියි.

වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසාදමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගත වී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත වුණේ නැහැ.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදුකළ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා පැවති සාකච්ඡාවේ දී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.

ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර; ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරීමට පියවර ගැනුණා.

World News