Latest News

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි, Ballon d’Or සම්මානය මෙවර ස්පාඤ්ඤයේ රොඩ්‍රිගෝට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලන් ඩි’ ඕර් (Ballon d’Or) සම්මානය ‘ස්පාඤ්ඤ’ සහ ‘මැන්චෙස්ටර් සිටි’ කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක රොඩ්‍රිගෝ (Rodrigo Hernández Cascante) හට හිමිව තිබෙනවා.

රොඩ්‍රි මෙම සම්මානය දිනාගනු ලැබුවේ බ්‍රසීලයේ විනිසියස් ජූනියර් සහ රියල් මැඩ්රිඩ්හි එංගලන්තයේ ජූඩ් බෙලිංහැම් යන දෙදෙනාම අභිබවා යමින් වීම විශේෂත්වයක්.

ප්‍රථම වරට බැලන් ඩි’ ඕර් සම්මානය දිනූ රොඩ්‍රි, මෙවර යුරෝපීය ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයා ද වුණා.

28 හැවිරිදි ඔහු, Alfredo Di Stefano (1957 – 1959) සහ Luis Suarez (1960) ට පසුව බැලන් ඩි’ ඕර් සම්මානය ලබාගත් ස්පාඤ්ඤ ඉතිහාසයේ තුන්වන පාපන්දු ක්‍රීඩකයා වන අතර Lothar Matthaus ට පසුව එම සම්මානය දිනූ පළමු ආරක්ෂක මැදපෙළ ක්‍රීඩකයා වනවා.

මේ අතර කාන්තා සම්මානය හිමිව තිබුණේ, බාසිලෝනා කණ්ඩායමේ ස්පාඤ්ඤ මැදපෙළ ක්‍රීඩිකා අයිටානා බොන්මති (Aitana Bonmatí) හටයි.

ඇය ඊට හිමිකම් කියන්නේ දෙවන වරටයි.

World News

Send your contact Details Today