Latest News

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරනවා.

ඒ ලංකාවේ මේ වන විට පවතින අධික වර්ෂාවත් සමඟයි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 41,394 දෙනෙකු වාර්තාවී ඇති අතර ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 20 දෙනකු මියගොස් තිබෙනවා.

ඔක්තෝම්බර් මාසය තුළ පමණක් මේ වනවිට ඩෙංගු රෝගීන් 1,983 ක් වාර්තා වී ඇති බවත් එම ඒකකය සඳහන් කළා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් සහ මහනුවර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් වනවා.

පවතින වර්ෂාවත් සමඟ වර්ධනය වන මදුරු ඝනත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දිනවලදී මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළා.

World News