Latest News

PAK vs AUS T20: ප්‍රබලයන් නොමැතිව ඔස්ට්‍රේලියා සංචිතය නම් කරයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට එක්වන ඔස්ට්‍රේලියා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතයේ සුවිශේෂීත්වය වන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රබල ටෙස්ට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පාකිස්තානයට එරෙහි T20 තරගාවලියට කැඳවා නොමැති වීමයි.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ටෙස්ට් නායක පැට් කමින්ස් ඉදිරි ටෙස්ට් තරගාවලි සඳහා සූදානම් වන බැවින් මෙවර T20 සංචිතයට එක් වන්නේ නැහැ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබන මස T20 සංචාරය සඳහා එක්වන ක්‍රීඩකයින් ලෙස 13 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් නම්කර තිබෙන අයුරු දක්නට ලැබෙනවා.

ඒ අනුව සීන් ඇබොට්, සර්වියර් බාට්ලෙට්, කූපර් කොන්නොලි, ටිම් ඩාවිඩ්, නෙතන් එලිස්, ජේක් ෆ්‍රාසර්, ආරොන් හාඩයි, ජොෂ් ඉන්ග්ලිෂ්, ස්පෙන්සර් ජොන්සන්, ග්ලේන් මැක්ස්වෙල්, මැතිව් ශෝට්, මාර්කස් ස්ටොයිනිස් සහ ඇඩම් සම්පා යි.

වැනිදා සිඩ්නි හිදීත්, තෙවැනි තරගය 18 වැනිදා හෝබාර්ට් හිදීත් පැවැත්වෙනු ඇති.

World News

Send your contact Details Today