ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවල ඌරන්ට වැළඳී ඇති ආසාදන තත්ත්වය ව්‍යාප්තව ඇති බවට සැකකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඌරන් පසුගියදා හදිසියේ මියයාම පිළිබඳව සෞඛ්‍ය අංශ පරීක්ෂණ සිදුකළ බවයි එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.
එම ඌරන්ට අප්‍රිකානු සූකර උන රෝගී තත්ත්වය වැළඳී ඇති බවට එහිදී අනාවරණ වූ බවද ඔහු කියා සිටියා.
ඒ අනුව බලපත්‍රලාභී අනුමත ඌරු මස් වෙළඳසැල්වලින් පමණක් ඌරු මස් තවදුරටත් මිලදී ගන්නා ලෙසයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
මේ අතර පවතින තත්ත්වය හමුවේ ඌරන් ප්‍රවාහනය සිදු කරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරින්ගේ අනුමැතිය අනිවාර්ය කර ඇති බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම, අප්‍රිකානු සූකර උණ රෝගී ලක්ෂණ කිසියම් ඌරන් ඇති කරන ගොවිපොලක පෙන්නුම් කරන්නේ නම් එම ස්ථානවලට මුද්‍රා තැබීම සඳහා අධිකරණ නියෝග ලබාගන්නා ලෙසයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ.