Latest News

ඉන්ධන, ගෑස්, විදුලි සහන පාරිභෝගිකයින්ට ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරි දිනවල දිවයින පුරා වැටලීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සඳහන් කළේ.

ඒ යටතේ දිවයින පුරා හෝටල්, ආපන ශාලා හා අනෙකුත් වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්ෂා කිරීමටත් භාණ්ඩ හා සේවාවල මිල ගණන් හා මිල ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

World News