Latest News

මතීෂ ගැන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණයක් ගනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළඹෙන IPL තරගාවලියේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව කණ්ඩයම තුළ රඳවා තබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ඔහුව තරගාවලිය පෙර පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් නොකිරීමටයි චෙන්නායි කළමණාකාරීත්වය තීරණ කර ඇත්තේ.

චෙන්නායි හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි සහ කණ්ඩායමේ ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේ දී අදාළ තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙවර චෙන්නායි කණ්ඩායම තුළ රඳවා ගැනීමේ පළමු තීරණය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව වත්මන් නායක රුතුරාජ් ගයික්වාඩ්, තුන් ඉරියව් ක්‍රීඩක ශිවම් ඩුබේ, නවසීලන්ත ප්‍රහාරාත්මක පිත්කරු ඩෙවෝන් කොන්වේ සහ සමීර් රිස්වි යන ක්‍රීඩකයින් ද චෙන්නායි කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.’

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් එක් කණ්ඩායම් විසින් රඳවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ලබන 31 වනදාට පෙර ප්‍රකාශයට පත්කළ යුතු වනවා.

World News

Send your contact Details Today