කුරුඳුවත්ත, ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.
එමෙන්ම කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් ඔහු සන්තකයේ තිබූ බවයි පොලීසිය පැවසුවේ.
සැකකරු සන්තකයේ තිබී එම පොතට අමතරව, ප්‍රභූවරුන්ගේ සංවාද සටහන් සහ ඒවාට සැකකරු ලබා දුන් ප්‍රතිවිරුද්ධ පිළිතුරු ඇතුළත් සටහන් ඇතුළත් පොතක් හා දිනසටහන් පොතක් මෙන්ම ඡායාරූප ගත කරන ලද ජංගම දුරකථනය සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ජංගම සංචාරයේ යෙදුණු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කුරුඳුවත්ත පොලිසියට භාර දී තිබුණා..
කොළඹ පිටකොටුව මැණින් මාර්කට්හි සහෝදරයකු සමග එක්ව ව්‍යාපාර කටයුතුවල යෙදී ඇති මොහු මීට මාස හයකට පමණ පෙර එම කටයුතුවලින් ඉවත් කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
54 හැවිරිදි සැකකාර පුද්ගලයා කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
සැකකරු පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.