වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටි රුසියානු ජාතික යුවළක් මහනුවර සංචාරක පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (26) පස්වරුවේ හන්තාන ප්‍රදේශයේදීයී.
මොවුන් කිසියම් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ ද යන්න පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හේතුවයි.