ඇමරිකානු පුරාවිද්‍යාඥ ජොහාන් රයින්ගාර්ඩ් සහ දේශීය කඳු නගින්නෙකු වන මිගෙල් සාර්ටේ විසින් වර්ෂ 1995 දී පේරු හි ඇම්පාටෝ ප්‍රදේශයේ හිමෙන් වැසී ගිය ඇන්ඩිස් ගිනිකඳු ප්‍රදේශයෙන් ජුවානිටා හෝ කන්‍යා ජුවානිටා යනු ඉන්කා ශිෂ්ටාචාරයට අයත් මිනිස් මමියක් සොයාගෙන තිබෙනවා.
ඇගේ අභ්‍යන්තර අවයව, හිසකෙස්, රුධිරය, සම සහ ආමාශයේ අන්තර්ගතය හොදින් ආරක්ෂා වී තිබූ අතර මෙම සොයා ගැනීම ලොවම මවිතයට පත්කළේ ඇය සොයාගන්නා විට තිබූ හොඳ සංරක්ෂණ තත්වය නිසාවෙන්.
ජුවානිටා කන්‍යාවක් වූ තරුණියක් වූ අතර ඇයට වයස අවුරුදු 12 – 15 ක් වූ අතර මිය ගොස් ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 6,300 කට වඩා උසින් පිහිටි ඇම්පාටෝ ගිනි කන්දේ සිදුකරන ලද කැපකෝචා නමින් හැඳින්වෙන ඉන්කා යාගයකදීයි.
මෙම චාරිත්‍රය සිදු කරනු ලබන්නේ පචමාමා දෙවියන් සංසුන් කර ස්වාභාවික විපත් වලක්වා ගැනීමට සහ හොඳ අස්වැන්නක් සහතික කිරීමටයි.
ඇය ඇඳ සිටි ඇඳුම් ඉන්කා අගනුවර වන කැස්කෝ හි ප්‍රභූ රෙදිපිළි වලට සමාන වූ අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ ඇය උතුම් කුස්කෝ පවුලක සාමාජිකාවක් බවයි.



