Latest News

රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීමට රට ඉඳන් ආ පුද්ගලයෙකු පැහැරගනී

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුවේට් රාජ්‍යයේ සේවය කර සිට මෙරටට පැමිණි සිටි පුද්ගලයෙකු මාවතගමදී පැහැරගෙන ගොස් නාරම්මල පාළු නිවසක රඳවාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා කුවේට් රාජ්‍යයේ සේවය කළ ස්ථානයේම සේවය කළ වෙනත් අයෙකුගේ සැලසුමකට අනුව මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.

රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීම සඳහා එම පැහැරගැනීම සිදුකර තිබුණා.

විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වී අදාළ පුද්ගලයා මුදවාගෙන සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් නාරම්මල සහ කටුපොත ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 31 – 39 වයස්වල පසුවන පුද්ගලයින් වන අතර එම පුද්ගලයාව පැහැරගැනීමට යොදාගත් කැබ් රථයද විශේෂ කාර්ය බළකාය විසින් ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන මාවතගම පොලීසිය විසින් සිදුකරනවා.

World News