Latest News

ආන්දෝලනාත්මක වීඩියෝව නිසා රාහුල්, ලක්නව් කණ්ඩායමෙන් ඉවත් වන ලකුණු

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් තවදුරටත් එම කණ්ඩායම නියෝජනය කරනවා ද යන්න පිළිබඳව මේ වනවිට සැකයක් නිර්මාණය වී තිබෙනවා.

ඒ පසුගිය තරගාවලියේදීයේ එම කණ්ඩායම ලද පරාජය හේතුවෙන්.

එම තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රභාත් කණ්ඩායම සමඟ පැවැති තරගය පරජයට පත්වීමෙන් අනතුරුව ලක්නව් කණ්ඩායමේ හිමිකරු රාහුල්ට බැනවදින ආකාරය දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා.

කෙසේ වෙතත් ඔහුව කණ්ඩායම තුළ රඳවාගනු ලබන්නේ නම් නායකත්වය වෙනත් අයෙකුට ලබාදීමට වැඩි ඉඩක් පවතින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් විසින් රඳවා ගනු ලබන ක්‍රීඩයින්ගේ නම් ලබන 31 වනදාට පෙර දැනුම්දිය යුතු වනවා.

එහිදී කණ්ඩායමකට අවම වශයෙන් ක්‍රීඩකයින් පස් දෙනෙකු රඳවා ගත හැකි බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

World News