ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමුව තරග දෙකකින් යුත් විස්සයි20 තරගාවලිය දඹුල්ලේදී පැවැත්වෙනවා.
ඉන් අනතුරුව එක්දින තරගාවලිය පැවැත්වෙන අතර, තරග තුනකින් යුත් මෙය පල්ලේකැලේදී පැවැත්විමට නියමිතයි.
ඒ අනුව ඉදිරියේදී ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින හා විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කරනු ලැබූ නවසීලන්ත සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයන් රැසක් විවේක ගන්වා තිබෙනවා.
නම්කරනු ලැබූ මෙම සංචිතයේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරන්නේ මිචෙල් සැන්ට්නර්නුයි.
එමෙන්ම ඔහු සමඟින් මේ දක්වා කිසිඳු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩාකර නොමැති මිච් හේ සහ නේතන් ස්මිත් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට කැඳවීමට නවසීලන්ත ක්‍රිකට් තේරීම කමිටුව කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව කේන් විලියම්සන්, ඩෙවොන් කොන්වේ, ටොම් ලේතම්, ඩැරිල් මිචෙල්, රචින් රවීන්ද්‍ර සහ ටිම් සවුති ශ්‍රී ලංකා තරගාවලියෙන් විවේකගන්වා තිබෙනවා.
එංගලන්ත කණ්ඩායම ලබන නොවැම්බර් මාසයේදී තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා නවසීලන්තයේ තරග සංචාරයක නිතර වන අතර, එම තරගාවලියට ප්‍රමුඛත්වය ලබාදීමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙලෙස විවේක ගන්වා ඇත්තේ.
නවසීලන්ත එක්දින හා විස්සයි20 සංචිතය පහතින්…