ශ්රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග ඊයේ (23) පැවති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 36ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කර ගත හැකි වුණේ ලකුණු 189ක් පමණයි.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 02ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 190ක් ලබා සිය ජයග්රහණය වාර්තා කළා.
ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හැකිවුණා.
දෙරට අතර පැවැත්වෙන තුන්වෙනි සහ අවසන් එක්දින තරගය එළඹෙන 26 වනදා පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතයි.