Latest News

Dangal චිත්‍රපටය තිරගත වී වසර 08කට පසුව ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය සිනමා අධ්‍යක්ෂ නිතේෂ් තිවාරිගේ අධ්‍යක්ෂණයක් වුණු Dangal චිත්‍රපටය නිකුත් වුණේ 2016 වර්ෂයේදීයි.

ඒ ඉන්දියානු හින්දි භාෂා චරිතාපදාන සිනමා පටයක් විදිහටයි.

අමීර් ඛාන් සහ කිරන් රාඕගේ නිෂ්පාදනය යටතේ සිද්ධාර්ත් රෝයි කපූර් මෙම චිත්‍රපටය නිර්මාණයට දායක වුණා.

ඉන්දියානු සිනමාවේ සුවිශේෂී ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයේ තේමාව වුණේ මල්ලවපොර ක්‍රීඩාව වටා ගෙතුණු කතාවක්.

සම්මාන පිට සම්මාන ලද Dangal චිත්‍රපටය ගැන නැවතත් කතාබහක් මතු වී තිබෙනවා.

ඒ, එහි ආදායම් වාර්තා ගැනයි.

මේ කතාබහට මූලික වී ඇත්තේ බබිතා ෆොගට් (Babita Phogat) කළ හෙළිදරව්වක්.

Dangal චිත්‍රපටය ඉපයූ දළ ආදායම ඉන්දීය රුපියල් කෝටි 2,000 ඉක්මවනවා.

එවන් ආදායමක් ඉපයුවද ෆොගට් පවුලේ සැබෑ ජීවිත කතාව පදනම් කරගත් චිත්‍රපටයෙන් තම පවුලට ලැබුණේ, ඉන්දීය රුපියල් කෝටියක් පමණක් බවයි, බබිතා ෆොගට් හෙළිදරව් කර තිබුණේ.

ඒ අනුව එම මුදල මුළු බොක්ස් ඔෆිස් එකතුවෙන් 1% කටත් වඩා අඩු අගයක්.

ඇය මෙම තොරතුරු බෙදාගෙන තිබුණේ, සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී.

කොහොම නමුත් එම හේතුවෙන් තමාව අධෛර්යයට පත් නොවීමට, පියා වන මහාවීර් ෆෝගාට් විසින් කියාදුන් සාරධර්ම බලපෑම් කළ අපූරුව ඇය එහිදී පහදා දී තිබුණා.

”අපට මිනිසුන්ගේ ගෞරවය සහ ආදරය අවශ්‍යයි. අනෙක් සියල්ල අත්හරින්න…” ඔහු ඇයට කියාදී ඇත්තේ එලෙසයි…

World News

Send your contact Details Today