බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව මතුව ඇති විරෝධතා හේතුවෙන් සිය රටට නොපැමිණෙන බවත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කිරීම අවසන් කරන බවත් සඳහන් කරනවා.
මේ හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට නම් කළද, ඩකා හි මීර්පූර් ජාතික ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භවූ දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගයට ෂකීබ් අල් හසන් සහභාගි වුණේ නැහැ.
මේ වනවිට ඩුබායිහි පදිංචිවී සිටින 37 හැවිරිදි ෂකීබ් අල් හසන් අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර, මේ හේතුවෙන් ඔහුට එරෙහිව විවිධ චෝදනා හා විරෝධතා එල්ල වුණා.
ඩුබායි සිට විශේෂ ප්‍රකාශයක් කරමින් සකීබ් අල් හසන් මාධ්‍යයට පැවැසූවේ මින්මතු බංග්ලාදේශයට පැමිණ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.
අවාමි ලීග් පරිපාලනයට එරෙහි ශිෂ්‍ය නැගිටීම මධ්‍යයේ නැවත බංග්ලාදේශයට යෑමට ෂකීබ්ගේ කැමැත්තක් නැති අතර, ඔහු වෙනත් රටක ස්ථීර පදිංචියට සූදානම් වන බවයි වාර්තා වන්නේ.
පසුගිය වකවානුවේ ෂෙයික් හසීනා රජයේ පාලක පක්ෂය සමග දේශපාලනයට සම්බන්ධවූ බැවින් රට තුළ ඔහුට දේශපාලනික විරෝධයක් ඉස්මතුව තිබෙනවා.