Latest News

CSK කණ්ඩායම දෝනිගේ කැමැත්ත එනතුරු සිටියි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම (CSK) හිටපු ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඒ ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහායි.

තවමත් සමස්ත ක්‍රීඩාවෙන්ම විශ්‍රාම නොගිය ක්‍රීඩකයෙකු ලෙසට CSK කණ්ඩායමේ කළමනාකාරීත්වය මහේන්ද්‍ර සිං දෝනිව සලකන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දෝනිව මිල දී ගැනීම වෙනුවෙන් සිය කණ්ඩායම සූදානමින් සිටින බව ද CSK ඉහළ කළමනාකාරීත්වය පවසනවා.

නමුත් මහේන්ද්‍ර සිං දෝනි එළඹෙන ඉන්දියන් ප්‍රීමියර් ලීගය වෙනුවෙන් ක්‍රීඩා කරනවා ද නැද්ද යන්න මෙතෙක් නිල වශයෙන් දැනුම්දී නැහැ.

එබැවින් චෙන්නායි සුපර් කිංග්ස් (CSK) ප්‍රධාන විධායක නිලධාරී කාසි විශ්වනාදන් පවසන පරිදි, දෝනිගේ තීරණය තම කණ්ඩායමේ අපේක්ෂාවන් ඉටු කරනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මහේන්ද්‍ර සිං දෝනිගේ තීන්දුව එළඹෙන 31 වැනිදාට පෙර තහවුරු කරනු ඇතැයි CSK කණ්ඩායමේ කළමනාකාරීත්වය බලාපොරොත්තුවෙන් සිටිනවා.

කෙසේවෙතත් ඔවුන් පවසන්නේ “ඔහුගෙන් අපට තවමත් තහවුරු කිරීමක් නැහැ. නමුත් ඔහු දිගටම අප වෙනුවෙන් ක්‍රීඩා කරනවාට අපි කැමතියි…” ලෙසයි.

මහෙන්ද්‍ර සිං දෝනි අවසන් වරට 2019 වර්ෂයේ දී එක්දින ලෝක කුසලානය ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළ අතර 2020 අගෝස්තු මාසයේදී ඔහුගේ විශ්‍රාම ගැනීම නිවේදනය කළා.

දෝනි IPL හැර වෙනත් කිසිම ආකාරයේ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ආකෘතියක මේ වනවිට නිරත වන්නේ නැහැ.

World News