Latest News

හලාවත බස් අනතුරින් බරපතළ තුවාල ලබා සිටි වෛද්‍යවරියක් ජීවිත්කෂයට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් ජීවිත්කෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නාත්තන්ඩිය දුන්කන්නාව ප්‍රදේශයෙ පදිංචිව සිටි එක්දරු මවක් වු හලාවත රෝහලේ නොමේරු ඒකකයේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක වන සේපාලිකා වනමලි නැමති 37 හැවිරිදි කාන්තාවක්.

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබුණේ පසුගිය 04 වනදා උදෑසනයි.

දේවාල හංදියේ සිට හලාවත දෙටස ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලම දෙසට ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී අනතුර සිදුව තිබුණා.

අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කළා.

සිය දරුවා පාසලට රැගෙන ගොස් ඉංජීනේරුවරයකු වන සැමියා සමග දේවල හංදිය දක්වා ගමන් කිරීමට මෙම වෛද්‍යවරියත් වෙන්නප්පුව ප්‍රදේශයෙන් ලංගම බසයට ගොඩ වී තිබෙනවා.

පසුව සැමියා බසයෙන් බැස නාත්තණ්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ තිබුණා.

වෛද්‍යවරිය හලාවත මහ රෝහලට සේවය සඳහා එම බස් රථයෙන් පැමිණෙමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වී තිබුණා.

එසේ බරපතළ ලෙස තුවාල ලබා අසාධ්‍යව සිටි වෛද්‍යවරිය ප්‍රතිකාර සඳහා ඇය සේවය කළ හලාවත රෝහලටම රැගෙන විත් තිබු අතර තුවාලකරුවන් අතර සිටි තම මිතුරිය බේරා ගැනිමට සහෝදර වෛද්‍ය මිතුරන් මහත් වෙහෙසක් ගෙන තිබුණා.

නමුත් ඇයගේ තත්ත්වය යහපත් අතට පත් නොවීම හේතුවෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට කටයුතු කළා.

එහි ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියට සැත්කම් කිහිපයක් සිදුකර තිබු නමුත් ඇය බේරාගැනීමට නොහැකි වී තිබෙනවා.

මෙම වෛද්‍යවරිය කුලියාපිටිය මහ රෝහලේ සේවය කර ඉන් පසුව පුත්තලම මූලික රෝහලේ වසර 4කට ආසන්න කාලයක් සේවයේ නිරතව මිය යන විට හලාවත මහ රෝහලේ සේවය කරමින් සිටියා.

World News