Latest News

🏏 SL vs WI | 1st ODI: ශ්‍රී ලංකාවට කඩුලු 05ක ජයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) සමත් වුණා.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තා.

මෙම තරගයේ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර, ඔවුන් පන්දුවාර 38යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමඟ තරගයේ පන්දුවාර සංඛ්‍යාව අඩුකර ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවුණා.

මෙහිදී ශ්‍රී ලංකාවට පන්දුවාර 37කදී ලකුණු 232ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය කඩුලු 5ක් දැවී 32(31.5) වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසංලක (77) හා සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකල නිශාන් මධුෂ්ක (69) අර්ධ ශතක රැස්කිරීමට සමත් වුණා.

චරිත් අසලංක වේගවත්ම එක්දින ලකුණු 2000 පසු කළ 02 වැනි ක්‍රීඩකයා බවට පත් වීමට සමත් වූ අතර ඒ ඉනිම් 56කදීයි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 13ක්ද, සධීර සමරවික්‍රම ලකුණු 18ක්ද, කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 30ක්ද, ජනිත් ලියනගේ නොදැවී ලකුණු 18ක්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුළු 02ක් මෙන්ම ජෙෆ්රි වැන්ඩසේ සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා

තරගයේ වීරයා ලෙස චරිත් අසංලක සම්මාන දිනාගත්තා.

World News