Latest News

වසර 39ක් පැරණි වාර්තාවක් තරුෂි අභිෂේකා බිඳ දමයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 1,500 ඉසව්වේ නව දේශීය වාර්තාවක් පිහිටුවීමට 16 හැවිරිදි තරුෂි අභිෂේකා සමත්වී තිබෙනවා.

ඒ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළලේදී එම ඉසව්ව විනාඩි 4.29.97කින් නිමාවට පත් කරමින්.

මෙලෙස ඇය බිඳ දමා ඇත්තේ වසර 39ක් පැරණි වාර්තාවක්.

1985 වසරේ දී ධම්මිකා මැණිකේ වයස අවුරුදු 20න් පහළ තරගයකදී මෙම ඉසව්ව විනාඩි 4.35.7කින් අවසන් කර තිබුණා.

ඇය 1992 වසරේ ඔලිම්පික් උළෙල සඳහා ද සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today