Latest News

කමිඳු මෙන්ඩිස් විශාල පිම්මක් පනියි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි කමිඳු මෙන්ඩිස් ස්ථාන 36ක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දක්වන දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව කමිඳු මෙන්ඩිස් මේ වනවිට රැඳි සිටින්නේ 87 වන ස්ථානයේයි.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක 12වන ස්ථානයේ පසුවනවා.

කුසල් මෙන්ඩිස් 18 වන ස්ථානයෙත්, චරිත් අසලංක 37 වන ස්ථානයෙත් කුසල් පෙරේරා 59 වන ස්ථානයෙත් පසුවනවා.

මේ අතර බංගලාදේශය සමඟ පැවැති තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඉන්දීයානු ක්‍රීඩක නිතීෂ් රෙඩ්ඩි 72 වන ස්ථානයට පැමිණ ඇත්තේ, ස්ථාන 255ක් ඉදිරියට පැමිණෙමින්.

මෙම ශ්‍රේණිගත කිරීම්හි සූර්යකුමාර් යාදෙව්, පිල්ප් සෝල්ට් සහ බාබර් අසාම් පිළිවෙලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථානවල පසුවනවා.

World News

Send your contact Details Today