Latest News

ලංකාවේ පාතාල ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදුවන පොලිස් වසම් 43ක් හඳුනාගැනේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විවිධ අපරාධ කර මෙරටින් පලා ගිය පාතාල ක්‍රියාකාරීන් හතළිහකට ආසන්න පිරිසක් ඩුබායි සහ ප්‍රංශයේ මහල් නිවාස හතරක සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

එම පිරිස් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන අතර පාතාල ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදුවන පොලිස් වසම් 43ක් හඳුනාගෙන තිබෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

එම වසම් 43ම ඇත්තේ බස්නාහිර සහ දකුණු පළාතේ බවත් එම වසම් 43 සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවත් එම මූලස්ථානය සඳහන් කළා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම් ඉතාම අඩු බවත් රටේ පාතාල ක්‍රියාකාරීන් 1,091ක් පමණ සිටින බවට හඳුනාගෙන තිබෙන බවත් පොලිසිය පවසනවා.

මේ අතර පාතාල ක්‍රියාකාරීන් පිරිසක් කංජිපාණී ඉම්රාන් සේ විදේශ රටවල පුරවැසි භාවය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවටද රජයේ බුද්ධි අංශ වලට තොරතුරු ලැබී තිබෙනවා.

World News