Latest News

ශ්‍රී ලන්කන් යානයක කපිතාන්වරයා සහ සහයක නියමුවරිය අතර සිදුවීමක් ගැන විමර්ශනයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කොළඹ බලා පසුගිය මාසයේ පියාසර කළ UL 607 දරණ ගුවන්යානයේ කපිතාන්වරයා සහ සහයක නියමුවරිය අතර ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, විමර්ශන වාර්තාව ලැබෙනතෙක් කපිතාන්වරයා තාවකාලිකව ගුවන් මෙහෙයුම් කටයුතුවලින් ඉවත් කර ඇති බවයි එම ගුවන් සමාගම නිවේදනය කළේ.

පසුගිය මස 21 වනදා ගුවන් ගමන් අතරතුර මෙම සිදුවීම වාර්තා වූ අතර දෙදෙනා අතර ඇති වූ මතභේදයක් හේතුවෙන් සහයක නියමුවරිය වැසිකිළිය වෙත ගිය අවස්ථාවේ ඇයට පිවිසීමට නොහැකි වන අයුරින් කපිතාන්වරයා නියමු කුටිය අඟුලු දමා වසා තිබෙනවා.

එම අවස්ථාවේ යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව සදහන්.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ රෙගුලාසි වලට අනුව ගුවන් යානයක් ගමන් කරන සෑම අවස්ථාවකම නියමු කුටියේ අවම වශයෙන් දෙදෙනෙකු සිටිය යුතු වනවා.

කෙසේ වෙතත්, අදාළ සිදුවීම පිළිබදව නිකුත් කළ නිවේදනයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම අවධාරණය කර ඇත්තේ මගී ආරක්ෂාව සහතික කිරීම සහ සියලු‍ නියාමන අවශ්‍යතා සමඟ අනුකූලව කටයුතු කිරීම තම සමාගමේ ප්‍රමුඛ කාර්යයක් බවයි.

World News