BRICS සහ New Development Bank හි සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹ පිහිටි රාජ්‍ය තාන්ත්‍රික බළකාය සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අද (08) පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළා.
ඉදිරි මැතිවරණ හේතුවෙන් 2024 ඔක්තෝබර් 23 සිට 24 දක්වා රුසියානු සමූහාණ්ඩුවේ කසාන් නුවර පැවැත්වෙන Outreach BRICS සමුළුවට තමාට සහ ජනාධිපතිවරයාට සහභාගී වීමට නොහැකි බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී පැවසුවේ.
ඒ අනුව විදේශ කටයුතු ලේකම් ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම වාර්තා කරනු ඇති.
විදේශ අමාත්‍යවරයා කියා සිටියේ තමන් දැනටමත් BRICS සාමාජික රටවල සහය ඉල්ලා සිටින මගේ සගයන් වෙත ලිපි යොමු කර ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ රාමුව තුළ ශක්තිමත් සහ ඇතුළත් බහුපාර්ශ්විකත්වය තුළින් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාව, සාමය සහ සංවර්ධනය සඳහා වූ අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා බ්‍රික්ස් ඵලදායී හවුල්කාරිත්වයක් ලෙස ශ්‍රී ලංකාව සලකන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.