2024 මහමැතිවරණයට අදාළ දේශපාලන පක්ෂවලට නාමයෝජනා භාරදීම සහ ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කිරීම අද (11) මධ්‍යහන 12න් අවසන්වීමට නියමිතව තිබෙනවා.
එහිදී විරෝධතා කාලයෙන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් සඳහා වන ලකුණු සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මේ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල අසළ පෙළපාලි පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
එය කඩකරන අයට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.