කටුනායක ගුවන්තොටුපොළේ සිට සෞදි අරාබියේ රියාද් නුවර බලා ඊයේ (10) පස්වරුවේ පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් ගොඩ බැස්සවීමට කටයුතු කර තිබෙනවා.
ඒ එම යානයේ ඇති වූ බව කියන කාර්මික දෝෂයක් හේතුවෙන්.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 265 දරණ යානය ගමන ආරම්භ කර පැය එකයි විනාඩි 35කින් මෙලෙස ගොඩ බැස්සවීමට කටයුතු කර ඇති බව සඳහන්.
මගීන් 215 දෙනෙකු පමණ රැගත් මෙම යානය ඊයේ සවස 06.15ට රියාද් නුවර බලා ගමන් ආරම්භ කළා.
කෙසේවෙතත් එය කාර්මික දෝෂකයකට ලක්වීම හේතුවෙන් යළිත් යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට එහි නියමුවා විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පස්වරු 07.50ට පමණ අදාළ යානය තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන ඇති බවයි එහි කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර ඇත්තේ.
සෞදි අරාබියේ රියාද් නුවර වෙත කඩිනමින් යාමට අවශ්‍යතා ඇති ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන් යානා මගින් පිටත් කර හැරීමට කටයුතු කළ බව සඳහන්.
සෙසු ගුවන් මගීන් පිරිස තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමටයි පියවර ගනු ලැබුවේ.
කාර්මික දෝශයකට ලක් වූ A 330 වර්ගයේ මෙම ගුවන් යානය මේ වනවිට අලුත්වැඩියා කටයුතු සදහා යොමු කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.