ග්රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතා 22ක් දිනූ ස්පාඤ්ඤයේ රෆා නඩාල් තම වෘත්තීය ටෙනිස් දිවියට තිත තබන බව පවසනවා.
වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, ඒ අනුව ඔහු තම රට නියෝජනය කරන අවසාන තරගය ඩේවිස් කුසලාන තරගාවලිය වනු ඇති බවයි.
ප්රංශ විවෘත ටෙනිස් ශූරතා 14ක වාර්තාගත ජයක් තම නම ඉදිරියේ සටහන් කරගත් පසුගිය වසර දෙකක කාලය දුෂ්කර වූ බව පවසනවා.
ඩේවිස් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ අදියර නොවැම්බර් 19 සිට 24 දක්වා පැවැත්වෙනු ඇති.
නඩාල්ගේ වෘත්තීය ජීවිතය ආබාධ හේතුවෙන් පසුගිය කාලය තුළ අඩාල වී ඇති අතර ඔහුට 2023 ප්රංශ විවෘත ටෙනිස් තරගාවලිය අහිමි වූවා.
මෙම වසරේදී ඔහු පළමු වටයේදීම ජර්මානු ක්රීඩක ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් විසින් පරාජයයට පත් වීම කාගේත් අවධානය දිනා ගත්තා.