අම්බලන්ගොඩ කන්ද මාවත ප්රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් හිටපු ක්රිකට් ක්රීඩකයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා..
අදාළ පුද්ගලයා සිය නිවස ඉදිරිපිට සිටියදී ඊයේ (16) රාත්රී මෙම වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
මියගොස් ඇත්තේ 41ක් හැවිරිදි, ධම්මික නිරෝෂන් නම් අයෙක් බව පොලීසිය සඳහන් කළා.
වෙඩික්කරු පැමිණි ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ පුද්ගලයාගේ හිසට වෙඩි ප්රහාරය එල්ල වී තිබෙනවා.
අදාළ පුද්ගලයා 2002 වසරේදී ශ්රී ලංකා 19 පහළ ක්රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්රීඩකයෙක් බව සඳහන් අතර අම්බලන්ගොඩ ප්රදේශයේ පාසලක 19 පහළ ක්රිකට් කණ්ඩායමේ නායකත්වය ද ඔහු විසින් දරා ඇති බවයි වාර්තා වන්නේ.