Latest News

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ සූකරයින් අතර කිසියම් රෝගී තත්ත්වයක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ සූකරයින් අතර පැතිර යන කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පළාතෙන් පිට සූකරයින් සහ මස් ප්‍රවාහනය කිරීමෙන් වළකින ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගොවිපළවල් හිමියන්ගෙන් මෙන්ම මස් අලෙවි කරන්නන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට දඩුගම, රාගම, සහ කදාන යන ප්‍රදේශවල මස් පිණිස සදහා ඇති කරන සූකරයින් අතර කිසියම් රෝගී තත්ත්වයක් පැතිර යන බවටයි සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත්තේ.

දඩුගම ප්‍රදේශයේ පමණක් ගොවිපළවල සිටින සූකරයින් දිනකට 50ක් පමණ මිය යන බවයි වාර්තා වන්නේ.

එලෙස මිය යන සූකරයින්ගේ මස් පාරිභෝගිකයින් වෙත අලෙවි කරන බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අංශ විමර්රශනයක් ද ආරම්භ කර ඇති බවයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

World News