Latest News

ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව එහි නායකත්වය සඳහා චරිත් අසලංකයි නම්කර ඇත්තේ.

එම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය, අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය අනුමැතිය ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙනිඩ්ස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එරෙහි 20යි 20 තරගාවලිය ඔක්තෝබර් 13, 15 සහ 17 යන දිනවලදී දඹුල්ලේ දී පැවැත්වෙනවා.

මේ අතර එක්දින ජාත්‍යන්තර තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 20, 23 සහ 26 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today