ශ්‍රී ලංකාවේ ඉදිරි මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් අටක නිරීක්ෂකයින්ට ආරාධනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ කලාපීය රටවලින් සහ රුසියාවෙන් මෙම නිරීක්ෂකයින් පැමිණෙන බවයි.
මීට අමතරව, මැතිවරණ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සහ යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් ද පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
තවද, මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිදහස් මැතිවරණ සඳහා වූ ආසියානු ජාලයේ නිරීක්ෂකයින් ද පැමිණ සිටිනු ඇති.